සමන් දේව වන්දනය හා බැදි සම්ප්‍රදායන් හා ජන ජීවිතය
පී. පී. ඩී. කේ.වීරවර්ධන
AR/89762
AF/16/12908
SINH 4001.6
සයිබර් සංස්කෘතිය හා නිර්මාණාත්මක කර්මාන්ත අධ්‍යයනය
සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාවේ ප්රාග් බෞද්ධ යුගයේ සිට මිනිසුන් අතර මහත් අභිමානයෙන් පුද ලබන දෙවි කෙනකු ලෙස සමන් දෙවියන් හැඳින්විය හැකිය. එමෙන් ම සමන් දෙවියන් සමන්තකූට පර්වතයට අධිපතිව සිටි බව ද සඳහන් වේ.එනම් සමන් බොත්සැල් පිළිබඳව ද මත කිහිපයක් පවතී. එනම් සමන් බොත්සැල්, මහා සුමන, යක්ක සුමන නම්වලින් හැදින් වෙන අතර බුදුන් දවස ජන ප්‍රධානියෙකු ව සිටි බව ද මතයක් පවතී පවති. තව ද සමන්තකූට බෝධිසත්වයන් ලෙස ද උපුල්වන් දෙවියන්ගේ මලනුවන් ලෙසත් රාමකුමරුගේ සහෝදරයකු වන යක්ක සුමන ලෙසට ද මතයක් පවතී. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වන්නේ සමන් දෙවියන් යනු ශිව දෙවියන් බවයි. මතු බුදුබවට පත්වනවා යන අදහස ද මිනිසුන් අතර පවතින අතර උන්වහන්සේ සුදු පැහැති වස්ත්රායෙන් සැරසී සිටින අතර හිසේ ඔටුන්නක්ද පැන පැලද සිටි.නරයන්ගේ දුකට පිහිට වී බිහිවූ පිහිට වන ඉතා කාරුණික දෙවියෙකු බවයි.අතීතයේ සිට ම ජනයාගේ පිළිගැනීම වූයේ එමෙන්ම මහා බලපරාක්රමයෙන් යුතු යකුන් දමනය කිරීමේ හැකියාවෙන් යුතු එතුමාගේ වාහනය වන්නේ සුදු ඇත් පැටියෙකි. මේ පිළිබඳව යාග ශාන්තිකර්ම කාව්‍යයෙන් කියැවේ. එමෙන්ම සෑම පළාතකම පාහේ අධිපතිත්වය දරන දෙවියකු සිටින බව අතීතයේ සිට මිනිසුන් ගේ මතයයි. ඒ අනුව සමන් දෙවියන් ආධිපතිත්වය දරනු ලබන්නේ සබරගමු පළාතට නමුත් උන්වහන්සේගේ ආශිර්වාදය සබරගමු පළාතේ සීමා නොවන බවත් මුළු මහත් ලෝකයට ම උන්වහන්සේගේ ආශිර්වාදය පවතින බවත් කිව යුතුය.
තිස්තුන් කෝටියක් දෙවියන් ඉන්න ලෝකයක බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයන් තුළ සමන් දෙවියන් ගැන මේ තරම් භක්තියක් ඇති වෙලා තිබෙන විශේෂ හේතුවක් තිබේ. එනම් අද දහස් දහස්දෙනා වන්දනාමාන කරන ශ්‍රී පාදස්ථානය හදන්න සුමන සමන් දෙවියන්ගේ මුල් වීම මුල්වීම. බුදුන් වහන්සේ පළමු වරට ලංකාවට පැමිණි අවස්ථාවේ සමන් දෙවියන් විසින් උන්වහන්සේ සිහිවීමට යමක් ඉල්ලූ විට උන්වහන්සේ තම කේස ධාතූන් වහන්සේ ලබා දුන් විට එය මහත් ගෞරවයෙන් පිළිගත් එතුමා ධාතුන් වහන්සේ නිදන් කොට චෛත්‍ය තැනූ බව ද සමන් දෙවියන්ගේම ආරාධනය පරිදි තෙවන වරට ලංකාවට පැමිණි අවස්ථාවේ රමණීය සමන් ගිර වර්ණනා කොට එහි මුදුනත උන්වහන්සේගේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට ශ්‍රී ශ්‍රීපාදය තබා යන ලෙසට ආරාධනා කොට ඇති බව සඳහන් වේ.
එමෙන් ම වන්දනාමාන කිරිමට යන බැතිමතුන්ට තමා ආරක්ෂාව ආරක්ෂාව සපයන බවට ද පොරොන්දු වී ඇත. මෙසේ තබා දී ශ්‍රී පාද සටහන හින්දුන් විසින් ඊශ්වර දෙවියන්ගේ ලෙසද ක්‍රිස්තියානි,මුස්ලිම් ජනයා විසින් ආදම්ගේ යැයි සිතා ද ඉතා ගෞරවයෙන් වන්දනාමාන කරයි .
ඉතිහාසයේ සදහන් වන අයුරින් සමන් දේවාලය තනා දේව පූජා පැවැත්වීම ආරම්භ වන්නේ පොළොන්නරු යුගයෙන් පසුවයි. ප්‍රධාන දේවාල සමනල කන්දේ සාදා එයට සිවු කොනින් සතර දේවාල ද දකුණෙන් බොල්තුබේ සමන් දේවාලය ද උතුරෙන් දැරණියගල සමන් දේවාලය ද පිහිටා ඇත. මේ අතරින් සපරගමු සමහ සමන් දේවාලයේ වැදගත් තැනක් ගනී. ඒ මේ අතරින් ප්‍රධානම දේවාලය ලෙස ද මෙය හදුන් වන නිසාය. දඹදෙණි යුගයේ රජකල කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ නියෝගයකට අනුව තම මහා භාණ්ඩාගාරය ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රධාන අමාත්‍යවරයා වූ ආර්ය ආර්යකාමදේව ඇමතිවරයා මැණික් ගැරීම සදහා රත්නපුරයට පිටත් කර හැරි බව බවත් ඔහු සමන් දේවාලයට ගොස් බාරයක් දී මැණික් ගැරීම ආරම්භ කළ බවත් එය ඉෂ්ඨ වී මැණික් ලැබ තම පැතුමන් ඉටු වීම නිසා රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම ස්ථානයේ තෙමහල් මන්දිරයක් කරවූ බවට ඉතිහාසයේ සඳහන් වේ.
මේ ආකාරයට දෙස් විදෙස් සංචාරයන් ගේ ගෞරව බහුමානයට පාත්‍ර වන සුමන සමන් සුමන දේව වන්දනය හා බැඳි සම්ප්‍රදායන් ගැන කතා කරන විට එය විශේෂ දෙයක් වේ. අතීතයේ සිට ම මහත් ගෞරවයෙන් ජනයා සමන් දෙවියන් වන්දනාමාන කළා වගේ ම ඒ හා බැඳුණු සම්ප්‍රදායන් ද අනුගමනය කර තිබේ.
සාමාන්‍යයෙන් සමන් දෙවියන් වන්දනාමාන කරන දිනය වනුයේ සදුදා වන අතර දිශාව වන්නේ උතුරු දිශාවයි. වඩාත් සුදුසු මල් වර්ගය වන්නේ සුදු පැහැති මල් ය.
සුමන සමන් දෙවියන්ගේ නාමයෙන් "ශ්‍රී පාද පද්මයට පූජා වේවා" යනුවෙන් වැඳීම මූලික දෙය බවට පත්වේ. තුන් සරණය හිමානව වර්ණනාව, සමනල හෑල්ල වැනි පැරණි ග්රන්ථ වල සමන් දෙවියන් වන්දනය පිළිබඳ විවිධ විස්තර අඩංගුව පවතී.
කෝට්ටේ සමයේ දී සමන් දෙවියන් සතරවරම් දෙවියකු යැයි සිතා මහත් ගෞරවයෙන් වැඳුම් පිදුම් කර ඇති අතර සපසපරගමු පළාතේ අය විශේෂයෙන් උන්වහන්සේට උන් වහන්සේට වන්දනාමාන කරනු ලබයි. විශේෂයෙන් ම සමන් දේව වන්දනය හා බැඳී සම්ප්‍රදායන් වන්නේ සබරගමු පළාතේ ධන නිධානයක් ලෙස සලකන මැණික් ඉල්ලන් හැරීමට පෙර ඔවුන් සමන් දෙවියන්ගෙන් අවසර ලබා ගනී. මෙසේ පුද පූජා පවත්වා භාරහාර වී ඉල්ලන් හැරීම තුළින් මැණික් ලැබෙන බව ඔවුන්ගේ අදහසයි .
සෑම උදුවප් පොහෝ දිනකම ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන්නේ ඊට කලින් දින සත් සමන් දෙවියන්ගේ රන් රුවත් සඳුන් රුවත් ආභරණත් රන් රන්සිළු ගෙයක තැන්පත් කර සිරිපා මළුවට වැඩම කිරීමෙන් පසුවයි. මෙය අතීතයේ සිට පැවත එන සම්ප්රදායකි.ඇසල සමන් දෙවියන්ට සබරගමු මහ සමන් දේවාලයේ අත්‍යලංකාර පෙරහරක් ද පවත්වයි. සමන් දෙවියන්ට පූජා පැවැත්වීමේදී භාරහාර වීමේ දී අනෙකුත් දෙවිවරුන්ට මෙන්ම නීති පද්ධතියක් ද නොවේ .
අතීතයේ සිට ම මේ ආකාරයේ සම්ප්‍රදායන් සිදුකර ඇත. සිදු කර ඇත අතීතයේ මන්ත්‍ර වේදීන් සිරිපා වන්දනයට ගිය පසු එහි දැල්වෙන දොළොස්මහේ පහනින් තෙල් ගෙන ඇවිත් එම තෙල් සුදු මල් යහනාවක් සාදා පුර පක්ෂයේ බුධ දිනක මල් හතක් මත තබා ගාථා පාඨයන් කියා මන්ත්‍රයක් ජප කර ශරීර ආරක්ෂාවට නිවසේ සතර කොන මුදුන් යට ලීයේ මංගල උළුවස්ස මත තැන්පත් කර ඇත. එයින් අනවින කොඩිවින භූත දෝෂ පහව යන බව ඔවුන්ගේ අදහසයි.තෙල් ලබා ගැනීමට පෙර ශ්‍රී පාද දෝවනය කිරීම සම්ප්රදායයි .
ඉතිහාසයේ කියැවෙන අයුරින් සමන් දෙවියන් හා බැඳී වතාවත් සම්ප්‍රදායන් සබරගමු මහ සමන් දේවාලය හා බැඳී ඇති බව පවසයි. සමන් දෙවියන් වැදීමේ දී සම්ප්රදායක් වශයෙන් සිදුකරන දෙයක් වන්නේ දෙවියන් වැදීමට පෙර බෞද්ධ ආගමික පුද සිරිත් වලට මුල් තැනක් ලබා දීමය. එනම් සියල්ලටම පෙර තෙරුවන් වැඳීම සිදු දීම සිදුකරයි මහ සමන් දේවාලය තුළ සිදු කෙරෙන කටයුතු දෙස බැලීමෙන් ඒ බව පෙනේ. සමන් දෙවියන් උදෙසා කෙරෙන සාම්ප්‍රදායික පුදසිරිත් තේවාවන් අතර පහත ඒවා ප්‍රධාන වේ .
වාර්ෂික ඇසළ පෙරහර
දුරුතු මස බක් මස කාර්තිය වසයෙන් වශයෙන් කොටස් පහකට බෙදා දැක්විය හැකිය දිනපතා පවත්වන තේවාවන් හයකි.එනම්,
අළුයම් ධුරයේ තේවාව
හිල්ම තේවාව
මහා තේවාව වශයෙනි .
දිනපතා පවත්වනු පවත්වන පූජා අළුයම් ධූරයේ පවත්වන තේවවයි. මෙම තේවාව දිනපතා අලුයම 4:30 පහත් අතර පැවැත්වෙන අතර මෙය සමන් දෙවියන් සඳහා කෙරෙන ශබ්ද පූජාවකි. දවුල, තම්මැට්ටම, හක් ගෙඩිය හොරණෑව වැනි වාදන භාණ්ඩ මෙයට යොදා ගනී .
හිල්ම තේවාව සමන් දෙවියන්ට හීල් දානය පිදීම මේ නමින් හඳුන්වයි. එහිද අංග කිහිපයකි.
මල් පූජා කිරීම මල් තේවයයි.
දෙවියන් සහ දෙවොලට කට්ටකුමංජල් ආදිය සුවඳ දුම් ඇල්ලීම හඳුන් තේවයයි.
පහනක් අතින් අල්ලා ගත් ආලන්ති අම්මා කෙනෙකු දෙවියන්ට ආවැඩීම ආලන්ති තේවයයි.
මහ සමන් දේවාලයේ සෑම දාම දා ම උදෑසන හතයි තිහට ඝණ්ඨාරය නාද කරන අතර පසුව හේවිසි නාද කරන අතර පසුව හේවිසි නාදය වයයි. ශබ්ද පූජා මධ්‍යයයේ දිය වඩම් තේවය ඇරඹේ. ඉන්පසු මල් තේවය සිදු කරන අතර පසුව ආලන්ති තේවය සිදුකරයි. දෙවියන් සඳහා පැන් පූජාව ඊට පසුවයි. දෙවියන්ගේ මණ්ඩේ හෙවත් දෙවියන් ආහාර වැළඳුණු සෝදන්නේ ඒ පැන් වලිනි. හීල් දානය හෙවත් දෙවියන්ට මුරුතැන් ලබාදෙන්නේ ඉන් පසුවයි. මෙය ලබා දෙන්නේ විශේෂ ආකාරයටය. මුරුතැන් රාල විසින් මුර තැන් ගැනෙන අතර ඒවා බාර ගන්නේ බත් රාල විසිනි. ඔහු විසින් එය කපු මහතාට දෙන අතර දෙවියන්ට මුරුතැන් ලබාදෙන්නෙත් කපු රාල විසිනි.මහා තේවය උදෑසන 9:30 ට පමණ දෙවොලේ ඇති විහාරයට බුද්ධ පූජා වත් දෙවියන්ට මුර පැන් පූජා වත් පැවැත්වීමය.
බොල පැන් තේවය පිරිසිදු ජලය දෙවියන්ට පූජා කිරීම බොලපැන් තේවයයි. එම කටයුත්ත ඇරඹෙන්නෙ පස්වරු හයයි තිහට පමණ ය. දෙවොල් මඩුවේ ඇති පැරණි ළිදෙන් වතුර ගෙන ඒවා මුළුතැන්ගෙයි තැන්පත් කිරීම මෙහි සිදුවේ. ඇසළ පෙරහර සමයේ ද මෙය තරමක් වෙනස් ආකාරයට පැවැත්වේ . හැන්දෑ ධුරයේ තේවාව මෙය බුදුන් වහන්සේ උදෙසා ගිලන්පස පිදීමේ චාරිත්‍රයයි. මහ තේවය මෙය සමන් දෙවියන් වෙනුවෙන් පමණක් පැවැත්වේ. ඉහත කී අනු දේවයන් ද එයට අයත් වේ. දවස ගෙවී යද්දී එනම් රාත්‍රී 9:30 ට මෙය පවත්වයි. සමන් දෙවොලේ මෙය තේවය ද පවත්වා ඇත. මුර තැන් තේවාවෙන් පසුව සමන් දෙවියන්ට සුවඳ සහිත බුලත් පූජා කිරීම දළුමුර සේවයයි. මෙය දළු මුර සේවය අද මෙය අභාවයට ගොස් ඇත. දෙවොලට එන බැතිමතුන්ට ද පූජා පැවැත්වීම සිරිතයි. පවත්වන පූජා සෑම දවසකම කෙම්මුර දවස්වල බොහෝ පිරිසක් සමන් දෙවියන් උදෙසා පූජා පවත්වයි. මෙම දිනවල සිදු කරන පූජා හරහා වැඩි ප්‍රතිඵල ලබාගත හැකි බව ඔවුන්ගේ අදහසයි.
වාර්ෂිකව පැවැත්වෙන චාරිත්‍ර මේවා කාර්ති මංගල්‍ය නම් වේ. මෙය කොටස් 4කින් යුක්ත වේ.
දුරුතු මහ කාර්තිය
බක්මහ කාර්තිය
ඇසළ මහ කාර්තිය
ඉල් මහ කාර්තිය යනුවෙනි.
දුරුතු මහා මහ කාර්තිය සමන් දේවාලයට අයිති එගොඩ බෙත්ම සහ මෙගොඩ බෙත්ම වශයෙන් හඳුන්වන ඉඩම් සහ මෙගොඩ බෙත්ම වශයෙන් හඳුන්වන සහ කුඹුරුවල අස්වැන්න ගත් පසු අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම මෙනමින් හැඳින්වේ.අලුත් සහලින් සමන් දෙවියන් පිදීම මෙම මංගල්‍යයෙන් අදහස් කෙරේ. අලුත් සහල් මංගල්‍යය සඳහා වී කරල් කපන්නේ උත්සවාකාරයෙනි. පෙරහැරෙහි ප්‍රධානත්වය දරන්නේ ප්‍රධාන කපු මහතා ය. වර්තමානයේ පෙරහැරට ගොස් එන අයට ලැගුම් ගැනීමට හුදෙකලා නිවසක් පිළියෙල කරයි. එම නිවස ඉදිරිපිට මල් පැලක් ඉදිකරයි. පෙරහැරින් ගෙනා පළිහ සදුන් හෙප්පු ආදී විශේෂ භාණ්ඩ හි තැන්පත් කරයි. පහන් සහ හඳුන්කූරු දල්වා මල් පැල ඉදිරිපිට හේවිසි ශබ්ද පූජා පැවැත්වීම සිරිතයි. අලුත් සහලින් කරන පූජාවන් මුලින්ම බුදුන්ටත් පසුව සමන් දෙවියන්ටත් පූජා කරයි. විශේෂ පූජාවක් ලෙස මුරුතැන් තේවාත් සමග ම "පසපැණිත" සමන් දෙවියන්ට පූජා කරයි. සමන් දෙවියන්ට මුරුතැන් පූජා කිරීමේදී වෙඩි හඬක් නැංවීම සිරිතයි. බක් මහ කාර්තිය මහ සමන් දේවාලය කෙරෙන තවත් වැදගත් චාරිත්‍රයක් වන්නේ මහා බක් මහ කාර්තිය හෙවත් අලුත් අවුරුදු උත්සවයයි. සෑම අප්‍රේල් මසකම නැකැත් එළඹෙන දවසේ සිට පුරා දවස් පහක් පැවැත්වෙන මෙය "නානුමුර මංගල්‍යය" නමින් ද ඇතැමුන් හඳුන්වති.
මෙහිදී කෙරෙන වැදගත්ම චාරිත්‍රයක් වන්නේ දෙවියන් නෑවීමේ චාරිත්‍රයයි. ඇසළ මහ කාර්තිය මෙයින් අර්ථ ගැන්වෙන්නේ ඇසළ පෙරහැරයි.නිකිණි මස නික්ම යන්නට පෙර පවත්වන සමන් දේව වන්දනයේ ප්‍රධානතම කටයුත්ත වන ඇසළ පෙරහැරෙහි මූලික අරමුණ වන්නේ සමන් දෙවියන්ට උපහාර දැක්වීමයි. මෙය පෙරහැර තුනකින් සමන්විත වේ.
මුලින්ම කුඹල් පෙරහර
දෙවනුව මහ පෙරහර
තෙවනුව දෙවොලේ පෙරහර වශයෙනි.
මේ හා බැඳි සම්ප්‍රදායන් කිහිපයකි. ඇතුළු කට්ටලේ සහ පිට කට්ටලේ කප් සිටුවීම ආදිය යි. සමන් දේවාල පෙරහරට ආවේණික වූ "මහ බබා කෝලම" මෙහි දී විශේෂ වේ. ඉල්මහා කාර්තික සමන් දෙවියන් වෙනුවෙන් පවත්වන වාර්ෂික උත්සව මාලාවේ අවසාන අංගය වේ. මෙය පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසයේ වන අතර ආරම්භයේ ඉල් මස පුර පසළොස්වක පොහොයට දින හතරකට පෙර ය. එතැන් සිට දින පහක් පුරා උඩ මළුව වටා මෙම පෙරහර පැවැත්වේ.
මේ අයුරින් දහස් දෙනාගේ ගෞරවයට සහ වන්දනයට ලක් වන මහා ආනිසංසයෙන් සුමන සමන් දෙව් රජු වන්දනා සම්ප්රදාය මේ හැදින්වීම තුලින් ලුහුඩින් විස්තර කර ඇත.
පෙරහර ආශ්‍රිතව සහ විවිධ අංග ආශ්‍රිතව තවත් බොහෝ සම්ප්‍රදායන් සමන් දේව වන්දනය හා බැඳී පවතින බව කිව යුතුය.
මේ අනුව රත්නපුර මහ සමන් දේවාලයේ සංස්කෘතිය හා බැඳුණු සම්ප්‍රදායන් හා ජන ජීවිතයේ කෙබඳු ද යන්න පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සුමන සමන් දේවාලයේ දැනට කටයුතු භාරව සිටන මහත්තුරුන්ගෙන් සහ ප්‍රාදේශීය වාසීන්ගෙන් තොරතුරු විශ්ලේෂණය කිරමින් අධ්‍යනය සිදු කිරීමට බලාපොරොත්තු වේ.
වැදගත් ලිපියක්.ගොඩක් දේවල් දැනගත්තා
ReplyDeleteවැදගත් ලිපියක්👍
ReplyDeleteනොදන්න දේවල් ගොඩක් දැන ගන්න ලැබුනා..නියම වැඩක්
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්..❤️
ReplyDeleteගොඩක්ම වටිනවා..
ReplyDeleteගොඩක් වැදගත්
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්
ReplyDelete